FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර පිළිබඳ ජනාධිපති කොමීසමෙන් පොලිස්පතිට දොස්..

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසම පැවැත්වෙන දිනවල දී ආරක්ෂාව සඳහා ‍පොලිස් කණ්ඩායමක් යොදවන ලෙසට ‍පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළද අවම වශයෙන් ‍පොලිස්පතිවරයා තමා වෙත මෙතෙක් ප්‍රතිචාරයක් හෝ දක්වා නැතැයි එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ඩී. චිත්‍රසිරි මහතා ඊයේ (27) කොමිසමේ විවෘත සාක්ෂි විභාගය පැවැත්වෙන අතර ප්‍රකාශ කර සිටියේය.

බරපතළ මූල්‍ය අපරාධයක් සිදුව ඇති බවට ඉදිරිපත්ව ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා කොමිසම හමුවට පැමිණෙන නිලධාරීන්ගේ ආරක්ෂාව සැලසීමේ වගකීම කොමිසම වෙත පැවරී ඇති බවත් ‍පොලිස්පතිවරයාගේ හැසිරීම ඒ අනුව ප්‍රශ්නගත බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ජනශුන්‍ය හුදෙකලා ස්ථානයක පැවැත්වෙන ජනාධිපති කොමිෂන් සභා සාක්ෂි විභාගය සඳහා පැමිණීමේ දී හා ආපසු යාමේ දී යම් සිද්ධියක් වුවහොත් එය ඉතාමත්ම බරපතළ තත්ත්වයක් බව අමතක නොකළ යුතු බව ද සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

(ADS)