FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් කැබිනට් සංශෝධනයක්…

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කිරීමට අපේක්‍ෂාවක්‌ පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ ඇමැතිවරුන් සහ පළාත් ඇමැතිවරුන් හමුවේ ඊයේ (27 දා) ප්‍රකාශ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන ඡන්දයත් උතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණයත් මේ වසර තුළ පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

දැනට පවතින නීතිමය තත්ත්වය තුළ එම ඡන්දයන් පැවැත්වීමට කටයුතු කරන බවත් එම සියලු මැතිවරණ ජයග්‍රහණය කිරීමට එකාවන්ව සියලු ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ගේ සහාය අපේක්‍ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

(ADS)