අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් අනිද්දා( 29) පෙරවරු නවයේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල ,මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව,කොටිකාවත්ත,මුල්ලේරියාව, රත්මලාන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුල ජලය සැපයුම අත්හිටුවන බව එම මණ්ඩල නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.
(ADS)








