FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටේ ධාවන පථයේ නවීකරණ කටයුතු අවසන්..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ධාවන පථයේ නවීකරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් බවත් සැලසුම් කළ පරිදි අප්‍රේල් 06 වැනිදා සිට ධාවන පථය දිවා කාලයේත් විවෘතව තබන බවත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත පැවසීය.

ගුවන් පථය නවීකරණය කිරීම හේතුවෙන් ජනවාරි 06 සිට අප්‍රේල් 05 වැනිදා දක්වා මාස තුනක කාලයක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය අටක කාලයක් ගුවන් පථය දිවා කාලයේ වසා තැබිණි.

ගමන් පථය නවීකරණ කටයුතු සඳහා රුපියල් බිලියන 7.2ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර නෙදර්ලන්ත සමාගමක අධීක්ෂණය යටතේ චීන සමාගමක් විසින් එම කටයුතු සිදු කර තිබේ.

(ADS)