FAST NEWS

24×7 Around the Globe

වසරේ ගත වූ කාලසීමාවේ ඩෙංගු රෝගීන් 24,562 ක් වාර්තා වෙයි..

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 24,562 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන ලදි.

ඉන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 41 ක් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ රෝගය වැළදී දින 3 ක් ඉකුත් වූ පසුත් රෝගය පවතින්නේ නම්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.