FAST NEWS

24×7 Around the Globe

එජාප තනතුරට නම යෝජනා නොවීමෙන් ඇමති ලක්‍ෂමන් කණගාටුවට..

එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක තනතුරකට තමන්ගේ නම යෝජනා නොවීම නිසා ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල දැඩි කණගාටුවෙන් පසුවන බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

රවි කරුණානායක, මංගල සමරවීර, සරත් ෆොන්සේකා යන ඇමතිවරුන් එජාපයේ උපනායකයින් ලෙස පත් කිරීමට යන බව වාර්තා වීමත් සමග ඇමති කිරිඇල්ල මෙසේ කණස්සල්ලට පත්ව සිටී.

කෙසේ වෙතත් මෙම තත්වය එජාප නායකත්වයට දැනගැනීමට ලැබීමත් සමග ඇමති කිරිඇල්ලටද උප නායක තනතුරක් ලබා දීමට සූදානමක් ඇතැයිද වාර්තා වෙයි.

පක්‍ෂයේ මෙම සංශෝධන ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී සිදු කිරීමට නියමිතය.