FAST NEWS

24×7 Around the Globe

රෝහල්ගත කල දියණිය වෙනුවෙන් විමල්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලයි…

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඇප අයදුම්පතක් ඉදිරිපත් වී තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිතිඥවරුන් විසින් මෝසමක් මාර්ගයෙන් අදාළ ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය මේ වන විට මානසික අවපීඩනයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එමගින් පෙන්වා දී ඇති එම නීතිඥවරුන් දියණියගේ රෝගී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සලකා මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

කෙසේවෙතත් එම ඇප ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඒ පිළීබඳ තින්දුව අප්‍රේල් මස 03 වන දින ප්‍රකාශයට පත් කරන බව දැනුම්දී තිබේ.