FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සඳහා නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක්…

ශ්‍රී ලංකාව සඳහා මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය මුරේ මැකූලි මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන ලදි.

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නවසීලන්ත රජයේ ඇති කැපවීම පෙන්නුම් කරන්නක් බව නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දීර්ඝ කාලයක් පැවති යුධමය වාතාවරණයෙන් පසුව යළි ගොඩනැගෙමින් පවතින ශ්‍රී ලංකාවට ආර්ථික හා දේශපාලනික වශයෙන් සහයෝගය දැක්වීමට නවසීලන්ත රජය කටයුතු කරන බවද ඔහු සඳහන් කර ඇත.