FAST NEWS

24×7 Around the Globe

ලෝක ක්ෂය රෝග දිනය අදයි…

ලෝක ක්ෂය රෝග දිනය අදට (24) යෙදී ඇති අතර “එක්වෙමු  – ක්ෂය රෝගය දුරලමු“ යන තේමාව යටතේ මෙවර ක්ෂය රෝග දිනය සැමරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ වන විට ලෝක ජනගහණයෙන් හතරෙන් තුනකට පමණ ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදීත වී තිබෙන බව තහවුරු වී ඇති අතර බෝවන රෝග මත සිදුවන මරණ සලකා බැලිමේදී ඒඩ්ස් මඟින් සිදු වන මරණවලින් අනතුරුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ ක්ෂය රෝගය හේතුවෙන් බව විද්‍යාඥයින් පවසන ලදි.

එසේම ක්ෂය රෝගය වැලැක්විම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇති අතර ක්ෂය රෝගය පිළිබඳ ජාතික උත්සවය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(24) කළුතරදී පැවැත්වීමට නියමිතය.