හිටපු ජනපති බරපතල වංචා සෙවීමේ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතය.
මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳව ප්රකාශයක් ලබාදීම උදෙසා එසේ පෙනී සිටිය යුතු වේ.
පසුගිය 16 වනදා හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට කැඳවා තිබුණ ද එදිනට පැමිණිය නොහැකි බව ඔහු කොමිසම වෙත දන්වා තිබූ අතර ඒ අනුව අද දිනයේ මෙම අවස්ථාව ලබාදීමට ජනාධිපති විමර්ශන කොමිසම එකඟතාවය පළ කරන ලදි.








