FAST NEWS

24×7 Around the Globe

රවී මහ රෑ රේගුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි…

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශී‍්‍ර ලංකා රෙගු දෙපාර්තමෙන්තුවේ කටයුතු සොයා බැලීම සඳහා පසුගිය 21 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.

පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා ප‍්‍රථමයෙන්ම ඔරුගොඩවත්ත බහාලුම් අංගන දෙක සහ පසුව රේගු මූලස්ථානයද නිරීක්ෂණය කළේය.

රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මන්දගාමීව සිදුවන බවට භාණ්ඩ ආනයන ආයතනවලින් ලැබුණු පැමිණිලි මෙම නිරීක්ෂණ චාරිකාවට හේතු වී තිබුණි.

මෙහිදී අමාත්‍යවරයා බහාලුම් නිදහස් කර ගැනීමට පැමිණි සිටි පිරිස සමඟද කතාබහකද නිරත විය.