FAST NEWS

24×7 Around the Globe

Update: බැසිල්ගේ නඩුව කල් යයි..

මල්වානේ නිවස සහ ඉඩම පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරෙයි..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන මල්වානේ පිහිටි නිවස සහ ඉඩම සම්බන්ධයෙන් වන තීන්දුව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මල්වානේ පිහිටි මෙම නිවස සහ ඉඩම මහජන සුබසිද්ධිය සඳහා යොදවන බව නීතිපතිවරයා දන්වා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය 20 වනදා අධිකරණයට දැනුම් දෙන ලදි.

ඒ අනුව පූගොඩ මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර නියෝග කළේ මේ මස 29 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම ඉඩම වෙන්දේසියේ විකිණීම අත්හිටුවන ලෙසටය.

එසේම අක්කර 16කින් සමන්විත මෙම ඉඩමෙහි වටිනාකම රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක් බවට ද රජය තක්සේරු කර තිබේ.

 

Update: බැසිල්ගේ නඩුව කල් යයි..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට පැවසෙන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය කල්දමා තිබේ.

අදාළ නඩුව අද(23) කැඳවු අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය දැනුම් දුන්නේ කරුණු කිහිපයක් මත දේපල රජයට පවරාගැනීමට අදාළ නියෝගයක් අද(23) දින නිකුත් කළ නොහැකි බවයි.