FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී අයුරින් හැසිරෙන සිසුන්ට නීතිය තදින් – පොලිසීය..

පාසල් ක්‍රිකට් තරග හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවලට පැමීණ නීතිවිරෝධී අයුරින් හැසිරෙන සිසුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එ අනුව කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින බාලිකා පාසල් අසල විශේෂ පොලිස් කණ්ඩායම් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් යෙදවීමටත්, පොලිස් හදිසි ඇමතුම් අංශයේ ගුවන්විදුලි රථ හා CCTV කැමරා සවිකරන ලද ජංගම සංචාරක රථද යෙදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

ඊයේ (21දා) කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් කණ්ඩායමක් ක්‍රිකට් තරගයකින්  අනතුරුව බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයට ඇතුළුව එහි පුද්ගලයෙකුට පහරදී පාසල් සිසුවියන් හා ගුරුවරුන් බිය ගැන්වීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තීරණය ගත් බව පොලීසිය  පවසයි.

(ADS)