FAST NEWS

24×7 Around the Globe

විමල් වීරවංශ උපවාසයක් අරඹයි – අගවිනිසුරුට ලිපියක්..

රජයේ වාහන අවභාවිත කළැයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැලිකඩ බන්ධනාගාර තුළ උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දින 73 ක කාලයක් තමන්ට ඇප ලබා නොදී බන්ධනාගාර ගතකිරීමට විරෝධය පළකරමින් ඔහු මෙලෙස උපවාසයක් ආරම්භ කිරීමට හේතුව බව සඳහන්.

ඊයේ (21) ඔහු ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප විය.

මේ අතර වීරවංශ මහතා වෙත ඇප ලබානොදීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රී කණ්ඩායමක් විසින් අගවිනිසුරු කාර්යාලයට ලිපියක් යොමුකිරීමටද නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.

 

(ADS)