FAST NEWS

24×7 Around the Globe

හයිබ්‍රිඩ් අධිකරණයක්‌ කිසිසේත් පිහිටුවන්නේ නැ – අගමැති..

යුද අපරාධ සොයා බැලීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණයක්‌ කිසිසේත් පිහිටුවන්නේ නැතැයිද, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව ඒ සඳහා ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටින බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

රජය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව යමින්  විදේශීය නඩුකාරයින් සහ නීතිවේදීන් සහිත දෙමුහුන් අධිකරණයක්‌ ඇතිකර වීරෝදාර රණවිරුවන් දඩයම් කිරීමට යෝජනාවක්‌ සම්මත කර තිබේදැයි දිනේෂ් ගුණවර්ධන මහතා සිය ප්‍රකාශය කරමින් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට රජය එකඟ නොවන බවද දකුණු ආසියානු කලාපයේ රටවල ප්‍රතිපත්තිය වන්නේ එය බවද ප්‍රකාශ කළේය. අගමැතිවරයා මෙසේද කීවේය.

(ADS)