FAST NEWS

24×7 Around the Globe

දහම් පාසල් අවසාන විභාගය ලබන 25 සහ 26..

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ලබන 25 සහ 26 යන දිනවල දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන හයසිය පනස් හතරකදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගය සඳහා දහම් පාසල් හත්දහස් හයසිය පනස් හයක සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය අයැදුම්කරුවන් අනූ තුන් දහස් එකසිය තිස් හය දෙනකු පෙනී සිටීමට නියමිත බව සඳහන්ය.

2014 වසරේදී මෙම විභාගය සඳහා 88,994 දෙනකු අයැදුම්කර තිබුණද ඉන් 35,417 දෙනකු පෙනී සිට නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසන අතර 2015 වසරේදී අසූ අට දහස් දෙසිය හතළිස් දෙනකු විභාගය සඳහා අයැදුම්කර තිබුණද එයින් තිස් හතර දහස් පන්සිය හැටපස් දෙනකු විභාගයට පෙනී සිට නොමැති බව සඳහන් වේ.

මෙම විභාග කටයුතු සංවිධානය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විශාල පිරිවැයක් දරන අතර මෙලෙස අයැදුම්කරුවන් විශාල පිරිසක් විභාගයට පෙනී නොසිටීමෙන් රජයේ මුදල් අපතේ යෑමක් සිදුවන බවද පැවැසේ.

(ADS)