FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතන සිද්ධියට අදාළව ගෝඨාගෙන් AFP වෙත ප්‍රකාශයක්..

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමා වෙත එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ,AFP විදෙස් පුවත් සේවයට අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

එසේම තමා කිසියම් රහස් බලකායකට සම්බන්ධ බව ෆොන්සේකා මහතා දැන සිටියේ නම් ඔහු එවකට හමුදාපතිවරයා වශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ කුමන හේතුවක් නිසා ද යන්නදැයි රාජපක්ෂ මහතා එම පුවත් සේවය වෙත සඳහන් කර තිබේ.
 
ඊයේ (20) දිනයේ දී හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉහත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දක්වා තිබුණි.

එම කරුණු දැක්වීම පදනම් කර ගනිමින් ඇතැම් විදෙස් මාධ්‍ය මෙම සිදුවීමට එවක ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ද සම්බන්ධ බවට පුවත් පළ කර තිබිණි.

(ADS)