FAST NEWS

24×7 Around the Globe

හෙද වෘත්තීකයෝ හෙට උද්ඝෝෂණයකට සැරසෙති..

හෙද සේවයේ ඇති ගැටලු විසඳීමට  අදාළ බළධාරීන් කටයුතු නොකරන හෙයින්, ඊට විරෝධය පළ කරමීන් හෙට (22)  දිනයේ  දිවයින පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

එ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 7.00 දක්වා කාලය තුළ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම සංගලම පවසයි.

හෙද සේවයේ පවතින වැටුප් විෂමතා හා උසස් වීම් ලබා නොදීම, අතිකාල දීමනා නිසි ලෙස නොගෙවීම හා නියමිත ලෙස බඳවා ගැනීම් සිදුනොකිරීම නිසා සමස්ත හෙද සේවාවම දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවද එම සංගමය අවධාරණය කර සිටියි.

(ADS)