FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා කෙටුම්පතට තවත් රටවල් 06 ක සහාය..

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පත සඳහා ඊයේ (19) දින වන විට තවත් ප්‍රබල රටවල් 6ක සහයෝගය ලැබි ඇති බව, තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ඊශ්‍රායලය, ජපානය, හා නෝර්වේ රාජ්‍යය මෙසේ ඊයේ (19) දිනය වන විට, මෙම යෝජනා කෙටුම්පතට සහය පළකර ඇත.

“ශ්‍රී ලංකාවේ, ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” යන තේමාව යටතේ, ඉදිරිපත්ව ඇති මෙම යෝජනා කෙටුම්පතෙහි ප්‍රධාන අනුග්‍රාහක රාජ්‍යයන් වූයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, උතුරු අයර්ලන්තය හා මොන්ටෙනෝගෝ යන රටවල්ය.

මෙම කෙටුම්පත සඳහා හෙට (21) දිනතෙක්, කවුන්සිලයේ සාමාජික රටවලට, සංශෝධන එක් කළ හැක.

(ADS)