FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය කළේ කවුදැයි හෙළි වෙයි..

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමට කටයුතු කළේය.

මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම එවකට මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දිමට කටයුතු කළේය.

මේජර් ජෙනරාල්වරයා  යටතේ ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් සඳහන් විය.

(ADS)