FAST NEWS

24×7 Around the Globe

ජනපතිට හා අගමැතිට අධිකරණයට එන්නැයි සිතාසි…

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එළඹේන ජුලි මස 17 වැනිදා  කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි අද (20) සිතාසි නිකුත් කළේය.

‍පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂනායකවරයාවූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදා කූඨ ලේඛණ සැකසූ බවට, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම ට අදාළව මෙලෙස සිතාසි නිකුත් කළේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙම නඩුවේ පළමු හා දෙවැනි සාක්ෂිකරුවන් වන අතර වැඩ රාජකාරී අධික බැවින් අද (20) දිනයේ අධිකරණයට වාර්තා කිරීමට නොහැකි බව ඔවුන් දන්වා තිබුණී.

(ADS)