තමාට වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා මරණීය තර්ජන කළ බවට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර පොලීසියට පැමිණිලි කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා භාරදීමට ගිය අවස්ථාවේදි ඩලස් අලහප්පෙරුම මහතාට තර්ජනය කර ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර පොලීසියට පැමිණ පැමිණිලි කර තිබේ.







