FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය කල් දාන්න ජනමත විචාරණයක් ඕනෑ – මහින්ද..

පළාත් සභා මැතිවරණය කල්දැමීමේ කිසිදු හැකියාවක් නැතැයි, රජය  පළාත් සභා මැතිවරණයද කල් දැමීමට සූදානමක් පැතිර යන කට කතා වළට පිළිතුරු ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

එසේම පළාත් සභා මැතිවරණය කල් තැබිය හැක්කේ පාර්ලිමේන්තුවේ නව පනතක් 2/3 ක බහුතරයකට අමතරව ජනමත විචාරණයක්ද මගින් සම්මත කිරීමෙන් පමණක් බවද හෙතෙම පවසයි.

එසේම මීට ඉහත මැතිවරණ කල්දමා ඇත්තේ මහජන ආරක්ෂණ ආඥාපනතේ වගන්තිවලට අනුව බව පවසන ඒ මහතා මෙවර එසේ කිරීමට රටතුළ හදිසි තත්ත්වයක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වීමට නියමිතය.

(ADS)