FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණ පිළිබඳ ආඥා පනත සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කෙරේ..

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාසවල සීමා නිර්ණ පිළිබඳ සංශෝධන ඇතුළත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (සංශෝධන) ගැසට් පත්‍රය අද 18 අලුයම නිකුත් කෙරිණි.

එම ගැසට් පත්‍රයෙහි සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පිළියෙල කර ඇති ගැසට් පත්‍ර පමණක් නිකුත් වී ඇති අතර,දෙමළ භාෂාවෙන් පිළියෙල කෙරෙන ගැසට් පත්‍රය හැකි ඉක්මනින් නිකුත් කෙරෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

එක් එක් පළාත් පාලන ආයතනය සඳහා තෝරාපත් කෙරෙන නියෝජිතයන්ගේ සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (17)  රජයේ මුද්‍රණාලය වෙත යැවූ බවද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා මාධ්‍ය වෙත පැවැසීය.

අදාළ ගැසට් නිවේදන නිකුත් වීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීමේදී පවතින තාක්ෂණික ගැටලු සම්බන්ධ පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කෙරේ.

එම පනත් කෙටුම්පතට ඇතුළත් සංශෝධන මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

(ADS)