FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැන අධිකරණයට එහා තීන්දුවක් ජනපති කමීටුවෙන්..

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුවට එහා ගිය තීරණයක්‌ තමන් පත් කළ කමිටුවෙන් ලබා දෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා (15 දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මෙම ගැටලුව අධිකරණ තීරණයෙන් පමණක්‌ විසඳිය නොහැකි බවද රාජ්‍ය විශ්වවිද්‍යාලවල දරුවන් මහමඟ උද්ඝෝෂණය කිරීම ගැටලුවක්‌ බවද මෙහිදී ජනාධිපතිවරයා කී බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය නවීන් ද සොයියා මහතා මාධ්‍ය (16 දා) වෙත ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව සාධනීය මට්‌ටමක පැවති නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාල වෙනුවෙන් පෙනී සිටිය යුතු ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සහ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා මෙම සාකච්ඡාවේදී සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටීම ලැඡ්ජා විය යුතු සිද්ධියක්‌ බවද සොයිසා මහතා මෙහිදි පැවසීය.

තමන්ට ලැබනෙ වරදාන හා වරප්‍රසාද වෙනුවෙන් ඇතැම් ඇමැතිවරුන් සහ නිලධාරීන් සයිටම් වෙනුවෙන් පෙනී සිටින බවද කී වෛද්‍ය නවීන් සොයිසා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ආචර්යයවරුන්ගේ සංගමය සහ පීඨාධිපතිවරුන්ගේ සංගමය ඒකමතිකව සකස්‌ කළ යෝජනාවලිය අධ්‍යයනය කර මතය ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා වෛද්‍ය සභාවට උපදෙස්‌ දුන් බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

(ADS)