FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල පුරප්පාඩු 1700 කට අයැදුම් කිරිමට 23 තෙක් වරම්..

විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨයන්හි තවදුරටත් පවතින පුරප්පාඩු සඳහා ලියාපදිංචි වීමට ලබන 23 වැනිදා දක්‌වා සිසුන්ට අවස්‌ථාව ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව පවසයි.

විශ්වවිද්‍යාල ලියාපදිංචි වීම් අවසන් වී ඇති නමුත් තවදුරටත් පුරප්පාඩු  1700 ක්‌ පමණ පැවතීම සිසුන්ට යළි අවස්‌ථාව ලබා දීමට හේතු වී තිබේ.

පවතින පුරප්පාඩුවලින් වැඩි ප්‍රමාණයක්‌ පවතින්නේ විද්‍යා සහ කෘෂි විද්‍යා යන පීඨවලය.

මේ අතර සිසුන් වරින් වර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ දැනට පවතින ක්‍රමය වෙනස්‌ කරන ලෙස විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවනු ලැබ තිබේ.

(ADS)