FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශය සමඟ එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

බංගලාදේශය සමඟ පැවැත්වීම නියමීත එක්දින තරඟාවලිය සඳහා උපුල් තරංගේ නායකත්වය සහිතව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ පවතින ආබාධය සුව නොවීම හේතුවෙන්  උපුල් තරංගට කණ්ඩායම් නායකත්වය පැවරීමේ තීරණය ගත් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා සංචිතය – උපුල් තරංග,නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළිහිරු කුමාර, විකුම් සංජය බණ්ඩාර, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්

(ADS)