FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ මීශ්‍ර අධිකරණයක් ඕනෑ – සුමන්තිරන්..

දේශීය හා විදේශීය විනිසුරුවරුන්ගෙන් යුත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විදෙස් විනිසුරුවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු  ලෙස පැවසීය.

ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවන් සම්බන්ධ කර නොගන්නා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එසේ විදේශීය විනිසුරුවරුන් සම්බන්ධ කරගත නොහැකි බවඅමාත්‍ය මංගල සමරවීර මහතා මීන් පෙර ප්‍රකාශ කර තිබුණි.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ඇතුළත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවිය යුතුයැයි යන ස්ථාවරයෙන් බැහැර නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සදහා ඉඩක් නොමැති නම් ව්‍යවස්ථා සංශෝධනය තුළින් හෝ ඊට ඉඩකඩ සකස් කළ යුතු බවත් සුමන්තිර මහතා අවධාරණය කර සිටියි.

රජයේ මෙම ස්ථාවරය කිසිදු අයුරකින් පිළිගත නොහැකි බව සුමන්තිරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(ADS)