FAST NEWS

24×7 Around the Globe

සංමයං ඝාතන සිද්ධියට තවත් දෙදෙනෛකු අත්අඩංගුවට..

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා රැඳවියන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමීන් කියයි.

සිද්ධියට සම්බනධ සැකකරුවෙකු සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේ ගාල්ල වලහන්දූව ප්‍රදේශයේ කාන්තාවක් හා සිද්ධිය සම්බන්ධයෙන් ඔත්තු බැලූ කියන පානදුර පිංවත්ත ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.