FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා සංශෝධනයකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රමාණය ඉහළට..

ශ්‍රේෂ්ඨාධිකරණයට ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ නඩු සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බැවින් ඒ සඳහා විසඳුමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රමාණය 15 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රුවන්වැල්ල නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

නව ව්‍යවස්ථාව තවදුරටත් ප්‍රමාද වන බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එය මෙම කටයුත්ත සිදු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

“ශ්‍රේෂ්ඨාධිකරණය තුළත් එයට ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ නඩු සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ ජනතා අවබෝධය වැඩි වී තිබෙනවා. ඒ නිසා ජනතාව මූලික අයිතීන් පිළිබඳ නඩු පැවරීමට වැඩි වශයෙන් යොමු වීමත්, පළාත්බද සිවිල් අභියාචනාධිකරණවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට එන අභියාචනා වැඩිවීමත් මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී තිබෙන බව කිවයුතුයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එනවිට අධිකරණ පද්ධතියේත් විශාල වෙනස්කම් කිරීමට අපි අපේක්ෂාවෙන් හිටියා. එහෙත් නව ව්‍යවස්ථාව තවදුරටත් ප්‍රමාද වන නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 11 සිට 15 දක්වා වැඩි කරන්න කටයුතු කරනවා.”

(ADS)