FAST NEWS

24×7 Around the Globe

කින්නියාහි ඩෙංගු දරුණූ ලෙස පැතිරෙයි – රෝහලෙත් දැඩි තදබදයක්..

දරුණූ ලෙස ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ ඩෙංගු වැළදුණු පුද්ගලයන් 1200 කට අධික ප්‍රමාණයක් හදුනා ගෙන ඇති බවත්, එසේම මේ වන විට ඩෙංගු වැළදුණු රෝගීන් 13 ක් මරණයට පත්ව ඇති බවද, කින්නියා මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී දොස්තර අබ්දුල් හලීම් සමීන් මහතා  සඳහන් කළේය.

එසේම මෙ වන විට එම ප්‍රදේශයේ  ඩෙංගු රෝගී සංඛයාව ස්‍රීඝයෙන් ඉහළ යමීන් පවතින හෙයින් කින්නියා මුලික රෝහල තුළ ඩෙංගු රෝගීන් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණත් නොමැති වීමෙන්  ‘කින්නියා ජායා විද්‍යාලය’ තුළද රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ආරම්භ කර ඇති බවද රෝහලේ ප්‍රධාන අධිකාරීවරයා මාධ්‍ය වෙත පැවසීය.

එසේම ඊයේ (16) දිනයේ කින්නියාහි සංචාරකයක නිරත වු කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා ඩෙංගු රෝගීන්ට අවශය පහසුකම් සැපයිම සඳහා රුපියල් මීලියට 7.9 ක මුදලක්ද ලබා දීමට කටයුතු කර තිබේ.

ඉන් රුපියල් මීලියන 02 මුදල් කින්නියා රෝහල තුළ ඩෙංගු රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැපයිම සඳහාත්,’කින්නියා ජායා විද්‍යාලය’ තුළ සිටින ඩෙංගු රෝගීන්ට පහසුකම් සැලසීම සඳහා රුපියල් මීලියන 5.9 ක මුදලක්ද අමාත්‍යවරයා විසින් ලබා දී තිබේ.

එසේම ත්‍රිකුණමලය දිස්ත්‍රිකකයේ පැතර යන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මීලියන 05 ක මුදලක්ද වෙන් කර ඇති බව අග්‍රාමත්‍ය කර්යාලය නිවේදනයක් නිතුක් කරමීන් සඳහන් කරයි.

එසේම කින්නියා ප්‍රදේශයට විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොමුකර ඇති බවද නැගෙනහිර ප්‍රධාන සෞඛ්‍ය  අමාත්‍ය A.L.M නසීර් මහතාද මාධ්‍ය වෙත පැවසීය.

මෙසේ දරුණූ ලෙස ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය 15 වැනිදා සිට කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් 66 ක් දින 03 ක් වසා තැබීමටද බලධාරීන් පියවර ගත්තේය.

(ADS)