FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල්ට රට යන්න අධිකරණය අවසර දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ තහනම ඉවත් කරන ලෙස හෙතෙම අද (16)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන්   කළ ඉල්ලීම සළකා බලා  ඔහුට දෙසැම්බර් 31 වැනි දා දක්වා පනවා ඇති විදේශ තහනම ඉවත් කිරිමට කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණය තීන්දු කළේය.

මාර්තු 23-26 දක්වා කාල සීමාව තුළ වියට්නාමයේදී පැවැත්වෙන ආසියානු නීතිඥ සංගමය සංවිධානය කරන පාපන්දු තරගාවලියක්  සඳහා ශ්‍රි ලංකා නිතිඥ කණ්ඩායම නියෝජනය කරන බැවින් එයට සහභාගී වීමට මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු දෙකකට අදාලව මහේස්ත්‍රාත් අධීකරණයෙන් නාමල් රාජපක්ෂ මහතාට නඩු පවරා තිබේ.

(ADS)