FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී සයිටම් පිළිබඳ විශේෂ සාකච්ඡාව පවත්වයි..

මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) රාත්‍රි ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

මාලබේ සයිටම් ආයතනය පිළිබඳව උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පීඨාධිපතිවරුන්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, වෛද්‍ය සභාවේ නිළධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් මෙන්ම සයිටම් ආයතනයේ පාලනාධිකාරියද සහභාගි වී ඇති බව සඳහන් වේ.

(ADS)