FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද කොමීසමට නොපැමීණෙන බව දන්වයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අද (16) දිනයේ බරපතල වංචා දූෂණ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණද පෞද්ගලික හේතුවක් මත පැමීණිමට නොහැකි බවට ඔහුගේ නීතීඥයින් එම කොමීසමට දැනුම් දී තිබේ.

එ අනුව හිටපු ජනාධිපතිවරයාට කොමිසම හමුවේ පෙනී සිටීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව එම කොමීසමේ ප්‍රකාශයෙක් මාධ්‍ය වෙත පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ දැන්වීම් විකාශය කිරීම නිසා රූපවාහිනී ආයතනයට සිදුවී ඇති මූල්‍ය අලාභය පිළිබදව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (16) දිනයේ ඔහුට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණී.

(ADS)