FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන 5ක් හා මුදල් අමාත්‍යශය අතර ගිවිසුමක්..

රාජ්‍ය ආයතන 5ක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සාමූහික අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම  අද (15) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ සිදු විය.

ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන  ආයතන හා මුදල් අමාත්‍යාංශය අතර මෙම ගිවිසුම් අත්සන් තැබිණි.

උපාය මාර්ගික වශයෙන් වැදගත්කමක් ඇති රජය සතු ව්‍යාපාර, මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා දක්වන දායකත්වය වර්ධනය කරමින් රටේ ආර්ථික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙම සාමූහික අවබෝධතා ගිවිසුමේ අරමුණ බව මුදල් අමාත්‍යංශය පවසයි.

වැඩි දියුණු කරන ලද සාමූහික ක්‍රියාමාර්ග, නව්‍ය මූල්‍යකරණ ක්‍රමවේද, ශක්තිමත් හා විචක්ෂණ මූල්‍ය කළමනාකරණය, තරඟකාරිත්වය සඳහා මුහුණ දීම, ජාත්‍යන්තර විශිෂ්ට අත්දැකීම් දේශීය ආයතන විසින් භාවිතා කිරීම, මහජන වගවීම හා ඵලදායී මානව සම්පත් කළමනාකරණය තුළින් රජය සතු ව්‍යාපාරවල ඉලක්ක ගත අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙන අතර එමඟින් ඒවායේ මෙහෙයුම් හා මූල්‍ය ඵලදායීතාව වර්ධනය කර ගැනීම සඳහා පෙළඹවීමත්, ඒ සඳහා පහසුකම් සැපයීමත් මෙම අවබෝධතා ගිවිසුම්වල මූලික අරමුණ මුදල් අමාත්‍යංශය  වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

(ADS)