FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයෙන් දේශාපාලන ඇකඩමීයක් පිහිටුවයි..

අනාගතයේදී පිරිසුදු දේශපාලඥයෙකු බිහිකරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කළ බවත් පක්ෂ විපක්ෂ ඕනෑම තරුණ තරුණියකට මෙම ඇකඩමිය තුළින් නොමිලේ පුහුණුව ලබාගැනීමට හැකියාව ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායමේ පාඨමාලාව ආරම්භ වීම මේ මස 19 වැනිදා සිදුවන අතර, පුහුණු පාඨමාලාව අවසානයේදී ජාත්‍යන්තරව පිළිගන්නා සහතික පත්‍රයක් ලබාදීමටද සැලසුම්කර හෙතෙම පැවසීය.

තුන් මාසික පාඨමාලාවක් ලෙස පැවැත්වෙන මෙම පාඨමාලාව සම්බන්ධවීමට කැමති තරුණ තරුණියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය, ඩාර්ලි පාර, මරදාන යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතු බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.