FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් නඩුව මැයි 29 දක්වා කල් තැබේ..

නීති විරෝධී ලෙස පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට රු.කෝටි 1140ක අයුතු ලාභයක් ලබා ,රජයට රුපියල් බිලියන 11.4 ක් පාඩු කළැයි චෝදනා නගමීන් අල්ලස් හෝ දුෂණ කොමීසම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනකුට එරෙහි නඩුව මැයි 29 දක්වා කල් තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

මෙම නඩුව අද කැඳවු අවස්ථාවේ මීන් පෙර විත්තිය විසින් නඩුව පවත්වාගෙන යෑමේ නීතිමය තත්ත්වය ගැන මතුකළ මූලික විරෝධතාවය සඳහා ලිඛිත දේශන අධිකරණයට ගොනු කෙරුණි.

ඒ අනුව සති දෙකක කාලයක් තුළ ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස අධිකරණය පැමිණිලි පාර්ශවයට දැනුම් දුන්නේය.

(ADS)