FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ රුව මුද්‍රණය කළ බැසිල්ට අධි චෝදනා..

 

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් මුද්‍රණය කර රජයට රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් පාඩු කළේ යැයි පැවසෙන සිද්ධිය ඇතුළු චෝදනා 5ක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාර දීම සිදු කෙරුණී.

අදාළ නඩුව කැඳවු අවස්ථාවේ මෙසේ චෝදනා ගොනු කෙරුණු අතර,අධිකරණයේ පෙනී සිටි බැසිල් රාජපක්ෂව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

(ADS)