FAST NEWS

24×7 Around the Globe

බන්දුල රවීගෙන් හා ලෙක් හවුස් ආයතනයෙන් මීලියන 500ක් ඉල්ලයි..

ලේක්හවුස් ආයතනයෙන් රුපියල් මීලියන 200ක් හා  මුදල් ආමත්‍ය රවී කරුණානායක මහතාගෙන් රුපියල් මීලියන 300ක වන්දි මුදලක් ඉල්ලා,
නීතිඥයන් මාර්ගයෙන් ඊයේ (13දා) දිනයේදී එන්තරවාසි යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (14)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

බැඳුම්කර කොමිසම හමුවේ තමා සිදුකළ ප්‍රකාශය විකෘති කරමින් හිතාමතා තමාගේ කීර්තිනාමයට හානිගෙන දෙමින් අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළ හෙයින් ලේක්හවුස් ආයතනයෙන් මෙලෙස වන්දි මුදල් ඉල්ලා එන්තරවාසී යැවු බව හෙතෙම පැවසීය.

එසේම තමාට අපහාස වන අයුරින් මුදල් ඇමතිවරයා අදහස් පළකර තිබීම හේතුවෙන් ඔහුගෙන්ද රුපියල් මීලියන 300ක වන්දි මුදලක් ඉල්ලා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසි යැවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සද්භාවයෙන් සාක්ෂි ලබාදීම සඳහා බැඳුම්කර කොමිසම හමුවමට තමන් ගිය බවත්, මෙම සිද්ධියට අදාළව කිසිදු අසත්‍ය කරුණක් මේ දක්වා ප්‍රකාශ කර නැති බවත්, කොමිසම හමුවට සාක්ෂි දීමට සූදානම් බව සඳහන් කරමින් ලිපියක් යැවීමට සැලසුම් කරගෙන සිටියදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතුකර ගැනීමේ අපහසුවක් නිසා එය පමාවූ බවද හෙතෙම මෙහිදි වැඩිදුරටත් පවසා සිටියේය.

(ADS)