FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල උපත් පාලන සිද්ධියේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට..

 

දැඩි ආන්දොලනයකට තුඩු දුන් දඹුල්ල මූලික රෝහලේ මව්වරුන්ට උපත් පාලනය සඳහා බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මැදිහත්වීම මත මෙම පරීක්ෂණය සිදු කෙරුනි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මව්වරුන්ගෙන් සහ පියවරුන්ගෙන් ලද ලිඛිත හා නිර්ණාමික පැමිණිලි මත සහ එම රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ වෛද්‍යවරුන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලයෙන් ලබාගත් ප්‍රකාශ මත පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර ඇත.

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් මණ්ඩලයක් මගින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  ප්‍රකාශ කරයි.

(ADS)