FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ධඡය සහිත නෞකාවක් කොල්ලකරුවන් යටතට ?

ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමැති ශ්‍රී ලංකා ධඡය සහිත ඉන්ධන ප්‍රවාහනය කෙරෙන නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට විශ්වාස කෙරෙන බවට විදෙස් වාර්තා පවසයි.

මෙම කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සහිතව ගමන් කර ඇති මෙම නෞකාව අනතුරට පත්වූ බවට ඇමතුමක් ලැබීමෙන් පසුව එය සෝමාලියානු මුහුදු සීමාව වෙත ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වීම මීට හේතුව බව සඳහන්.

නැව පිළිබඳව සත්‍ය තොරතුරක් දැන ගැනීමට හිටපු බ්‍රිතාන්‍ය කර්නල්වරයෙකු මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධවීමට උත්සාහ දරමින් සිටින බවත්  වාර්තා වේ.

එසේම අදාළ නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධඡය සහිතව යාත්‍රා කර ඇති බව වොයිස් ඔෆ් ඇමෙරිකා පුවත් සේවය තොරතුරු වාර්තා කර තිබේ.

(ADS)