FAST NEWS

24×7 Around the Globe

විද්‍යුත් ජාතික හැඳුනුම්පත ජුනි සිට..

විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබන ජුනි මාසයේ සිට නිකුත් කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ අඩුම මිල ගණන් ඉදිරිපත් කළ එෆික් ලංකා පෞද්ගලික සමාගමට විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබා  දුන් බවත් , ඒ අනුව එක් හැඳුනුම්පතක් සඳහා රුපියල් 71.83ක මුදලක් වැය වන බවද සඳහන්.

ලංකාවේ දැනට භාවිත වන ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමටත් රුපියල් 65ක් වැයවන බැවින් නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත සඳහා විශාල වියදමක් දැරීමට සිදු වී නොමැති බවත් , පොලි කාබනේට් කාඩ් පතකින් සකස් වන මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත වසර දහයක් ඉතා සුරක්ෂිත අයුරින් පවත්වාගෙන යා හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පැවසීය.

(ADS)