FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බස් සඳහා ටිකට් අනිවාර්යයි – හෙට සිට මගීන්ටත් දඩ..

බස්නාහිර පළාතේ  ධාවනය කෙරෙන සියලුම පෞද්ගලික බස්රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හෙට (15) සිට අනිවාර්ය කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්ධු තුසිත කුලරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එ අනුව ප්‍රවේශපත්‍ර ලබාගැනීම මගීන්ටද අනිවාර්ය වන බවද එ මහතා පැවසීය.

ප්‍රවේශපත් ලබානොදී අසුවන කොන්දොස්තරවරුන්ට පළමු වතාවේ රුපියල් 250ක් දෙවැනිවර අසුවුවහොත් රුපියල් 500ක් හා තුන්වැනිවර අසුවුවහොත් 1000ක් දඩමුදල් වශයෙන් අය කෙරේ.

එසේම ප්‍රවේශපත් නොමැතිව ගමන් කරන මගීන්ගෙන් රුපියල් 100ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කෙරෙන බවද සභාපතිවරයා පැවසීය.

දැනට පවතින නීතිමය රාමුව යටතේ බස්නාහිර පළා‍තේ මගී ජනතාවට විධිමත් ශක්තිමත් හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් එසේ කිරීමේදී බස් හිමියාට බස් කොන්දොස්තර හෝ රියැදුරුට කිසිදු අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බවත්, සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

(ADS)