FAST NEWS

24×7 Around the Globe

මනුස් දූපත් සරණාගත රැඳවුම් කඳවුර ඔක්තෝබරයේ වසා දැමීමට එකඟතාවක්..

පැපුවා නිව්ගිනි හි මනුස් දූපතේ ඇති සරණාගත රැඳවුම් කඳවුර ලබන ඔක්තෝබරය අවසානයේ වසා දැමීමට ඔස්ට්‍රේලියාව එකඟවී ඇතැයි පැපුවා නිව්ගිනි ආණ්ඩුව පවසයි.

පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අප්‍රේල් මාසයේ දී තීන්දු කළේ සරණාගතයන් සහ අනාථයන් මෙම කඳවුරේ රඳවා තැබීම ව්‍යවස්ථා විරෝධී බවය. මනුස් දූපතේ ඇති සරණාගත රැඳවුම් කඳවුර වසා දැමීමේ තීරණයට එම තීන්දුව ද හේතු වී ඇතැයි වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට මුහුදු යාත්‍රා මගින් පැමිණෙන සරණාගතයන්ට රට තුළ නවාතැන් ලබා නොදී මනුස් දූපතේ සහ පැසිපික් නාවුරු යන උපත්වල ඇති කඳවුරු තුළ රඳවා තැබෙයි. පිරිමින් 854 දෙනෙකු රඳවා තබා සිටින මනුස් කඳවුර වසා දැමීමෙන් පසු එහි සරණාගතයන් පිටුවහල් කිරීමට හෝ වෙනත් රටක පදිංචි කරවීමට ඔස්ට්‍රේලියාවට සිදු වනු ඇත. මෙම පිරිස තම රටට භාර නොගන්නා බව ඔස්ට්‍රේලියා ආණ්ඩුව මෙයට පෙර ද පවසා තිබිණි. ” අපි අපේ ස්ථාවරය අද නැවත දැනුම්දෙන්න කැමතියි. මනුස් කඳවුරේ කිසිවෙකුටත් ඕස්ට්‍රේලියාවේ පදිංචිය හිමිවන්නේ නැහැ” යි ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් කියයි. 

(MW)