FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී සී.බී. රත්නායක ජනපති කොමීසම හමුවට…

හිටපු පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක දඅද (13) පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය සොයන ජනාධිපති කොමිසම හමුවට පැමීණියේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක රාජ්‍ය මුදල් වැය කර උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන්  සහ පසුගිය රජය සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා බස් රථවලට ධාවන බලපත්‍ර ලබාදීම මගින් රජයට රුපියල් මිලියන 50කට අධික ආදායමක් අහිමි කරවීම සම්බන්ධයෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව කැඳවු බව කොමිසම පැවසීය.

(ADS)