FAST NEWS

24×7 Around the Globe

ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේදී කාලතුවක්කුවකට සිරවූ දැරියක් රෝහලට..

ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේදී කාලතුවක්කුවකට සිරවූ දැරියක් අස්ථි බීඳීමකට ලක්ව රෝහල් ගතකර තිබේ.

එලෙස ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත්තේ, මීට දින කිහිපයකට පෙර අධ්‍යාපන චාරිකාවක පැමිණි ගම්පහ ප්‍රදේශයේ පාසලක 9 ශ්‍රේණියේ ඉගැනුම ලබන දැරියකි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පැවසුවේ ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ, නාවික හමුදා කෞතුකාගාරය නරඹමින් සිටියදී අදාළ දැරිය මෙම අනතුරට මුහුණපා ඇති බව ය.