FAST NEWS

24×7 Around the Globe

පරිභෝජනයට නුසුදුසු කීරි සම්බා කිලෝග්‍රෑම් 7825ක් අල්ලයි..

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී කොළඹ 12 ප්‍රදේශයේ තොඟ වෙළඳසැලක තිබී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 10ට අධික වටිනාකමින් යුතු පරිභෝජනයට නුසුදුසු කීරි සම්බා සහල්  කිලෝග්‍රෑම් 7825 ක් සොයා ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

අදාළ ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 25 බැගින් අඩංගු සහල් ඇසුරුම් 313ක් සොයාගෙන ඇති අතර වැටලීම් සිදු කරන අවස්ථාවේ ඒවා කුඩා ඇසුරුම්වලට අසුරමින් සිට ඇති බව ද සඳහන්ය.

(ADS)