FAST NEWS

24×7 Around the Globe

කොළඹ විරෝධතා වලට නව නීති ගෙනෙයි..

කොළඹ නගරයේ දෛනිකව පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ජන ජීවිතයට එල්ලවන බලපෑම් නැවැත්වීම සඳහා වෙනම නීති ගෙන ඒමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමුවී මේ සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස කළ ඉල්ලීමට අනුව මෙසේ නව නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

ආදාළ නීති සකස් කරන තුරු මහජනතාවට හිරිහැර වන ලෙස කොළඹ නගරයේ පැවැත්විය හැකි විරෝධතා සතියකට එකක් පමණක් පැවැත්වීමට හැකි ක්‍රමවේදයක් සැකසීමට රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන්.

(ADS)