FAST NEWS

24×7 Around the Globe

ජනපති හා අගමැති හයිබ්‍රිඩ් අධිකරණය ප්‍රතික්ෂේප කරයි…!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවකට අනුව ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියන යුද අපරාධ විභාග කිරීමට හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමේ යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට තීරණය වී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

යුද අපරාධ විභාග කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීම ප්‍රායෝගික නොවන බවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමට නොහැකි බවත් එහිදී අවධාරණය වී තිබේ.

ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීමට සූදානම් වන අවස්ථාවක හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවීමට ඉඩක් නොමැති බවද රජය මතය වී ඇති බව වැඩි දුරටත් පැවසේ.

ADS