මාතර දිස්ත්‍රික් සන්ධාන නාමයෝජනා ලැයිස්තුවට ඉදිරිපත් වූ විරෝධතා දෙකක් මාතර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී ඊ.ඒ.සී. විදානආරච්චි මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ පුරවැභාවය තිබෙන බවත්, දකුණු පළාත් මන්ත්‍රී මනෝච් සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබෙන බවත් සඳහන් කරමින් විරෝධතා එල්ලවිය.

තමන්ට ඇති බලතල මත විරෝධතා ප්‍රතික්ෂේප කළ බව පැවැසූ තේරීම්භාර නිලධාරිනිය අවශ්‍යනම් විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළ හැකි බව පැවැසුවාය.
+++++++++++++++++++++++++++++++ (update)
මාතර එ.ජ.නි.ස නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයිද…?
මාතර දිස්ත්‍රික් එජනිස නාමයෝජනා පත්‍රයට විරෝධතා 2ක් ඉදිරිපත් වී ඇත .සන්ධාන නාම යෝජනා ලැයිස්තුවේන් මහ මැතිවරණයට නාමයෝජනා ලබා දුන් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා මනෝච් සිරිසේන යන මහත්වරුන්ට එරෙහිව මෙම විරෝධතා ඉදිරිපත්ව ඇත.